ඔබේ ප්‍රේම නගරේobee preema nagaree

Obe Prema Nagare

Lyrics

ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ //
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයිද හැරදා දමා
ඔබේ ප්‍රේම නගරේ........

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ //
ඔබෙන් හමු නොවේ දැන් //
ප්‍රියේ ඔබ ඔබෙයි නම්
එදා මෙන් සදා මිහිරි වේ
ඔබේ ප්‍රේම නගරේ .......

සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි
සමානයි ද නැහැනේ ද රසවන්තියේ //
සිතා කල්පනාවෙන් //
සිනාවෙන් දයාවෙන්
රැදේවා මගේ හදවතේ 
ඔබේ ප්‍රේම නගරේ ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.