ඔබ පෙම්වතියයි මාoba pemwathiyayi maa

Obe Pemwathiyai Maa

Music:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැණු සිහිනෙක සිනහ දකින්ට
පාරමි පුරනා .... ඔබ පෙම්වතියයි මා //

සීතල අත්ලට බර දීලා
රිදන කදුළු කැට උහුලාලා
අහිංසකම සිනහව මකලා
මගෙන් උදුරගත් දා ඉඳලා
අහිමි පැතුම් මුලු හිත පිරිලා
යළි ඔබ හිනැහෙයි නම්
නොහඩා ඉන්නම් මං

කදුළු තමයි ....

නිදි නැති රැය ඔබ ළග වැටිලා
ගැහෙන පපුව උඩ සැතපීලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා 
සැනසෙන්නම් අපි ගැන හිතලා
සිහින ලොවින් ඇස් දෙක ඇරලා
යළි ඔබ එනවා නම්
තව හිනැහෙන්නම් මං

කදුළු තමයි ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.