ඔබෙ නිල් නුවන්obe nil nuwan

Obe Nil Nuwan

Lyrics

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගේ දෑතේ
සතපා ගෙවූ අතීතේ //
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ

ඔබෙ නිල් නුවන් .../

මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි //
නොසැලී බලා එදාමෙන්
හිඳිමි ඔබේම නාමෙන්

ඔබෙ නිල් නුවන් .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.