ඔබේ කොපුලේobee kopulee

Obe Kopule

Album
Mihiri Susum

Lyrics

(ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම්
පාවී ඒ.. පාවී ඒ 
භවේ ආලෝකේ මට පෑව නෙත් කැලුම් 
පායා ඒ.. පායා ඒ...//)

(මහා දුකකී පෙමින් පතනා පැතුම් ගංගා...//)
සමාවක් නෑ ලොවේ වරදක් නැතත් හංගා 
(සැපේ උල්පත් දැවේ ප්‍රේමේ නමින් 
අවසානේ.. අවසානේ...//)
 
ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම්
පාවී ඒ.. පාවී ඒ

(දැනේ පිටුපෑ ලෙසින් පරසුන් හැඟුම් සංකා...//)
පිරේ ලතැවුල් ලයේ උරනා පෙරුම් රන්දා 
(පිරේ රස හසුන ඔබගෙන් මා ලැබූ 
අවසානේ.. අවසානේ...//)

ඔබේ කොපුලේ අනාථ වූ....
ඔබේ කොපුලේ අනාථ වූ සෝ සුසුම්
පාවී ඒ.. පාවී ඒ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.