ඔබෙ කථා කරන ඇස් මටobe kathhaa karana aes mata

Obe Katakarana Es Mata

Lyrics

ඔබෙ කථා කරන ඇස් මට හැමදාමත්
තාම මතක් වෙනවා
කට කොනින් පාන මද සිහින් සිනාවන්
තාම මතක් වෙනවා තාම මතක් වෙනවා 
හිත තාම රිදුම් දෙනවා

හිතින් ආදරය කරමින් ඉද්දී
වැඩි දවසක් යන්නට කලියෙන්
මගේ කුළුඳුල් ආදරේ
ඔබ දිවිහිමියෙන් පිළිගත්තා
මා නොසිතු විලසින්නේ අන්සතු වේ යයි හිතුනා

කටුක ජීවිතය කොළඹ ගෙවද්දී
දුවිලි හුළඟින් හුස්ම අරං
බිඳ ගිය පෙම් ලෝකයෙන්
ඔබ හැමවිටකම සිහි වෙනවා
ඒ වුනමුත් කෙදිනක හෝ මට ඔබවම හිමි වේවා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.