ඔබේ දෑතින් අල්ලන් (දියමන්ති මාලේ)obee dhaethin allan (dhiyamanthi maalee)

Obe Dathin Allan (Diamond Girl)

Lyrics

ඔබේ දෑතින් අල්ලන් මා
එක්කන් යන්නම් මා ආයේ
ඔබේ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ
ඔබේ ගෙලෙහී පලදා මා
ගෙනියන්නම් මා...
මේ සීත රෑ යාමේ

ඔබේ දෑතින් අල්ලන් මා
දිවගෙන යන්නම් මා ආයේ
මගෙ දෑසින් කඳුලැල් නම්
ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැග ඔබ හා
උණුහුම් තුරුලේ හැංඟිලා
සැනසුම් සුසුමන් ලන්නම් මා
මේ සීත රෑ යාමේ

මුදු මීදුමෙන් බැඳි කදු යායේ
ඔබ හා කිව් ගී මතකයි මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ
ඔබ හා කිව් ගී මතකයි
සීත මද පවනැල්ල දසතින් පා එද්දී
ඔබගේ සිරුරේ දැවටෙච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මා හා හුරතල් වෙච්චී...

ඔබේ දෑතින් අල්ලන්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.