Lyrics
ඔබේ දෑසයි - ඔබේ දෑසයි - නීල උත්පල දිගැටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි - කිඳුරු දෑසයි
ඈත අහසේ තාරකා සේ - වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් - ළඟක සිටියත් - ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ අඩවන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස - නිවන් ගිනි නිව දැවෙන මා හද
නිවන් ගිනි නිව දැවෙන මා හද