ඔබේ අත ගෙනobee atha gena

Obe Atha Gena

Lyrics

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..//
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා…

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..//
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.