ඔබේ ඇස් මට හමුවුණේobee aes mata hamuwunee

Obe As Mata Hamuwune

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
සමන් එදිරිමුණිsaman edhirimuni

Lyrics

ඔබේ ඇස් මට හමුවුණේ
මැණික අද ඊයෙක නොවේ 
හිනාවක මුව ගොළු වුනොත් මම 
ආදරේ නැතිවම මුවේ 
හිතන් උන්නත් මගේ කියලා 
ඔයාගේ හිත කාටදෝ ලියලා 

ඔබේ උණුසුම් හදවතේ 
වැඩී ඉන්නෙමි පණ වගේ 
නුඹේ හුස්මත් පවර වෙලා මම 
සොයා යන්නම් ජීවිතේ 
දුන්නු සෙනෙහස ඔයාට ලියලා 
ඔයා හිතුවද එයාගේ කියලා 

අහඹු දවසක අතීතේ 
හමුවු වෙන්වී ගිය නුඹේ 
කතාවක් නැති හිනාවක් යට 
මොනවා තිබුනද ඔය හිතේ 

දුකම කැලතුන හදවතේ 
කඳුළු බර නම් ඔය නෙතේ 
වතාවක් හිනැහෙන්න මං ලඟ 
කතාවක් වී ජීවිතේ 

හිතන් උන්නත් මගේ කියලා 
ඔයාගේ හිත කාටදෝ ලියලා 

දුන්නු සෙනෙහස ඔයාට ලියලා 
ඔයා හිතුවද එයාගේ කියලා 

ඔබේ ඇස් මට හමුවුණේ
මැණික අද ඊයෙක නොවේ

ඔබේ උණුසුම් හදවතේ 
වැඩී ඉන්නෙමි පණ වගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.