ඔබේ ආදරේobee aadharee

Obe Adare

Music:
සංඛ දිනෙත්sankha dhineth

Lyrics

මෙතරම් සොඳුරු රැයක් තියේවිද 
ආයෙමත් තාරුකා සිප ගන්නටත් හිතේ  
තුරු මුදුන් අතරින් පියාඹා පාවී 
හදවතේ දොර පියන් හැර බලන්න 
සිහිනයක් නිදා සිටියි 
ඇහැරිලා බලා හිඳියි 
මේ ජීවිතේ ඔබේ ආදරේ සොයා යන්න 
ඔබේ තුරුලේ සනසවන්න 
උරහිසේ හිස තියා ගිම් නිවන්න 
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න 

යදම් පවුරු බැඳි ලොව බිඳ දමන්න 
සිතින් නැරඹුයන් සොයා පියඹන්න   
ඔබේ නමින් මිහිපිට පිපෙනා මල් දැකගන්න 
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න....

ආදරේ ඔබේ සොයා යන්න 
තුරුලේ ඔබේ සනසවන්න
උරහිසේ හිස තියා ගිම් නිවන්න 
මිය යන්නට පෙර මොහොතක්වත් ජීවත් වෙන්න 
ජීවත් වෙන්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.