Lyrics
ඔබත් ගියා මට පිටුපා
සදාතනයි කී පෙම බිද දා
මතක් වෙලා දුක හිතුනා
අද ලගින් නැති නිසා ...//
දෙනෙත නිදි නෑ අදහ ගනු බෑ
ඔයා මට හිමි නෑ කියලා
දරා ගනු බෑ හදේ ඉඩ නෑ
හිනා වෙන්නට ඉඩ තියලා
නිකැළැල් පිරී තරහා නොවී
මැරෙන්න මොහොතක් කලින්
ඔබ එන්න පෙරදා ලෙසින්
ඔබත් ගියා මට පිටුපා .../
කදුළු පොඩි නෑ උහුල ගනු බෑ
නෙතේ දොරගුළු බිද වැටිලා
ඔබට මම නෑ මටද ඔබ නෑ
අදින්පසු අපි දෙදෙනෙක් වෙලා
නිකැළැල් පිරී තරහා නොවී
මැරෙන්න මොහොතක් කලින්
ඔබ එන්න පෙරදා ලෙසින්
ඔබත් ගියා මට පිටුපා .../