ඔබට වරම් නැති obata waram naethi

Obata Varam Nathi

Music:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
Lyrics:
රන්ජිත් රුබසිංහranjith rubasinha

Lyrics

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...//

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ඔබට වරම් නැති.......

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ

ඔබට වරම් නැති.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.