ඔබට තියෙන ආදරේ කියාගන්න බෑobata thiyena aadharee kiyaaganna bae

Obata Thiyena Adare

Lyrics

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

කල්ප ගණන් පෙරුම්පුරා සොයා ආවෙ මා
වැටෙන වැටෙන හැම කඳුළම 
උරුම මට නිසා විඳිමි මම සදා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ

හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා
රිදෙන රිදෙන හැම මොහොතම 
මටම හුරු නිසා ඉඳිමි නෙතු වසා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.