Lyrics
ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල් කොළ මදි ලියාලා දෙන්න
ඔබෙි් ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙිලා හිතෙනව ඉගිීළිලා එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්ඩ හිතුවෙ නෑ
ගිය ගමනක් මෙචිචර කල් ඉන්ඩ හිතුවෙ නෑ
මෙි ලස්සන සුර පුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ
අහස උසට මාලිඟා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලදුන් නොදැක හිටියෙ නෑ
ගමිබද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කලා තොටුපොලෙ ඔරැ පදිනව වගෙ නෑ
ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල් කොළ මදි ලියාල දෙන්න
හඳ දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වෙිදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මුහුණෙයි ඔබෙ මුහුණෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ
මගේ ගතින් මෙහි හිටියට හිතනමි මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන් නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කලා තොටුපොලේ ඔරැ පදිනව වගෙ නෑ
ඔබට තිබෙන ආදරෙ මම..................