ඔබට නොපෙනේ කදුළු දෑසේobata nopenee kadhulu dhaesee

Obata Nopene Kadulu

Lyrics

ඔබට නොපෙනේ කදුළු දෑසේ
ඔඛෙ නමින් අද ගලනා මෙසේ
ඔබ මගේනේ නිතර සිතුනේ
මටයි අවසානය වැරදුනේ
අතරමං වෙයි කියා දැණුනෙ නෑ ජීවිතේ
මම විඳින වේදනා ඔබට නෑ තේරුනේ

නොලැබුණත් ආදරෙයි
පන වගේ අදරෙයි
මිය ගියත් ආදරෙයි
මතු භවෙත් ආදරෙයි

නුඹේ හිත ගත්ත රූපයක් ඇත්තේ
මට නෙවෙයි වෙන්නැතී 
ආදරෙA දෙන්න පන වගේ ඉන්න
මට බැරිද පෙම්වතී
අවංකයි මේ හිතේ උපදිනා ආදරේ
සුසුම් ලයි හද මගේ සිහිවෙනා හැම වෙලේ

නොලැබුණත් ආදරෙයි...

නුදුරු දිනයකදි නොඑන්නට යාවි මං ඔඛෙන් සමු අරන්
එදින ඔබ ඒවි මාව නවතන්න හ~ හ~ා රත්තරන්
පසු තැවෙන්නට එපා පමා වැඩි හින්දා
සොයා එන්නට එපා හුඟක් දුර හින්දා

ඔබට නොපෙනේ...

නොලැබුණත් ආදරෙයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.