ඔබට නොහැත (මල් දෙවට)obata nohaetha (mal dhewata)

Obata Nohaka (Mal Dewata)

Lyrics

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත....

අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති.....

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.