ඔබට නොහැකobata nohaeka

Obata Nohaka

Lyrics

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මට ද නොහැක මල්විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත

අතැඟිලි නොබැඳෙන හිත බැදි සෙනෙහස
සසර පුරා ළඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති

හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප
හිනැහෙමු කදුළැලි සඟවා හිත යට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.