ඔබට මං හරි ආදරේ බවobata man hari aadharee bawa

Obata Man Hari Adare Bawa

Music:
හසිත ඇන්තනීhasitha aenthanii
Lyrics:
හසිත ඇන්තනීhasitha aenthanii

Lyrics

ඔබට මං හරි ආදරේ බව කියන්නේ කෙලෙසේ
ඔබ තරම් තව ආදරේ කළ කිසිවෙකුත් නෑනේ
ආදරේ බව කියාගන්නට ඔබත් ළඟ නෑනේ......

කියන්නට පෙර කතාවක් ඔබ කතාවක් කියන්නේ කෙලෙසේ
දකින්නට පෙර සිය වරන් ඔබ අඩන්නේ කෙලෙසේ
සිඹින්නට ඔබේ සිහින් දෙකොපොල් යළිත් වර නෑනේ
විඳින්නට එක හීනයක්වත් තියා නොම යන්නේ......

හදේ කොතැනක හෝ රැඳී ඉඩ දෙන්නකෝ
ඔබේ සුසුමන් තුළින් යළිත් පණ දෙන්නකෝ
නෙතේ කඳුළැල් ගලා ඔබේ රුව සිහිවෙලා
යළිත් නොවෙනා ඔබේ සුසුම් හද හිරවෙලා......

ඔබට මං හරි.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.