ඔබට මා ආදරය කල බවobata maa aadharaya kala bawa

Obata Ma Adaraya Kala Bawa

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

ඔබට මා ආදරය කල බව මෙතරම් 
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්......//

වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ 
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ.....

ඔබට මා ආදරය කල බව මෙතරම් 
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්....

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ 
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ.....

ඔබට මා ආදරය කල බව මෙතරම් 
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.