ඔබම මාද විය මාද ඔබම වියobama maadha wiya maadha obama wiya

Obama Mada Wiya Mada Obama Wiya

Lyrics

ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරලක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවු දිනක් ඇත
ඒ රන් හිරුරැස් විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණද ඔබ ළඳ

ඔබම මාද විය ....

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන 

ඔබම මාද විය මාද ඔබම විය

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.