ඔබයි සදාතන මිතුරුතුමෝobayi sadhaathana mithuruthumoo

Obai Sadathana Mithuruthumo

Music:
ශිවන්ත ෆර්නැන්ඩෝshiwantha farnaendoo
Lyrics:
ලක්සිරි වීරසිංහlaksiri wiirasinha

Lyrics

ඔබයි සදාතන මිතුරුතුමෝ 
විපතේදී මා අත්නොහරින්නෝ
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන් 
ඔබයි සදාතන මිතුරුතුමෝ.....

රළ නැගෙනා දිය ඇවිද යමි
ඔබ තුළ විශ්වාසය තබමි
ගිලෙනු නොදී විටෙක එහි
මා මුදවාලු ජේසුනි....

ඔබයි සදාතන.....

වෛර ගිනි දැලින් දැවෙනු නොදී
පාප ක්ලේශයන් වැඩෙනු නොදී
සදාතනික සුරැකුම ලැබ දී
මා සනහාලු ජේසුනි....

ඔබයි සදාතන.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.