ඔබගේ තුරුලේ (අම්මා)obagee thurulee (ammaa)

Obage Thurule (Amma)

Music:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
Lyrics:
ලියෝ ලක්මාල්liyoo lakmaal

Lyrics

ඔබගේ තුරුලේ තාමත් විදිනා සෙනෙහේ  
නොමැකී රැදෙනා උතුම්ම සෙනෙහේ ඔබගේ 
කඳුළු හංගා තබා මෙලොව මට පෙන්නලා 
උනු කඳුළු දෙනෙතේ සිර කරලා  
මට තියෙන ආදරේ හින්දා
 
ජීවිතේ ගෙවනා හැටි
පහදා තියා.... ආදරෙන්
තුරුලේම මා ඉන්දවා
ආදරෙන් හිස අත ගා....
අකුරු තුනක නොමැකෙන සෙනෙහස මගෙ අම්මා 
 
සෙනෙහස කියු වචනේ අර්ථය 
ඔබයි දෙවියන් පවා වඳිනා 
සෙනෙහේ ඔබයි මතු මතුත්.... 
උපදින භවයේ ඔබව පතා
මගෙම වී උපදිනු මැනවී අම්මේ සදා

ඔබගේ තුරුලේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.