ඔබගෙ සෙවනේobage sewanee

Obage Sewane

Lyrics

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා

දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ...

සිහිලෙන් ගිමන් නිවන
සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.