ඔබගේ සෙනෙහෙන්obagee senehen

Obage Senehen

Music:
සාරංග පතිරණsaaranga pathirana
Lyrics:
සංඛ සමරප්පුලිsankha samarappuli

Lyrics

ඔබගේ සෙනෙහෙන් පිරිලා කඳුළු අද වියැකිලා
හිනැහෙන්නේ අද මා ඔබ නිසයි
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...

මාතු භගනියේ සකියෙ දාසියේ සොදුරු පති වෙලා.. 
මට ළං වෙලා ඉන්න පතිනියේ මෙලෙස දිව තුරා..
මාතු භගනියේ සකියෙ දාසියේ සොදුරු පති වෙලා.. 
මට ළං වෙලා ඉන්න පතිනියේ මෙලෙස දිව තුරා..
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...

සිහිනයේ සොඳුරු මතකයේ ඔබවමයි මට සිහිවුණේ
හිත පුරා ඉන්න ඔබවමයි ඕන කඳුළු නෑ දෙන්නේ ජීවිතේ
මහද පෙම් සුවය විහිද විකසිතව දිදුලන්නේ ඔබේ ආදරේ
රන් විමන් තැනෙන සොඳුරු හෙට දිනෙක අරුණැල්ල ඔබ ජීවිතේ
කිසිත් නෑ මගේ ලොවේ ඔබගේ සෙනෙහේ තරම්...
ඔබගේ සෙනෙහෙන් පිරිලා කඳුළු අද වියැකිලා
හිනැහෙන්නේ අද මා ඔබ නිසායි...

ඔබගෙන් ලැබෙන ආදරේ... මහ මෙරක් සේ මට හැඟෙයි
කවරදාවත්ම ඔබ නැතුව ඉන්න හිතන්නත් බෑ ජීවිතේ
දිවිතුරා වින්ද කඳුළු පිසලන්න ඔබම නොවේද මගේ ආදරේ
පණ සේම රැකගන්නෙමි සොඳුර උදාවයි මගේ ජීවිතේ
නිල් නෙතේ කඳුලැලි පිසදා හිනැහෙන්න මා හා ප්‍රියේ
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.