ඔබගේ මතකේobagee mathakee

Obage Mathake

Music:
හිමාල් නිරෝෂන්himaal nirooshan
Lyrics:
හිමාල් නිරෝෂන්himaal nirooshan

Lyrics

ඔබගේ මතකේ මා තනිවුණ දා 
පෙනුණේ සිනහා ඔබේ හදවත රිදවා
ගිනියම් වූ සිත් අහසේ සුළඟක් වේ නම් 
මතකය එයයි ඒ ඔබේ අමතකදෝ මං.......

දුටුවේ දෙනුවන් හමුවුණු දිනයේ 
දැනුණේ හදටයි ඔබේ ආදරේ 
ආ ගිය වාරේ අපි මේ පාරේ
හදවත පාරයි මතකය ඔබගේ.......

යනමුත් හැරදා මා තනිකරලා
වැටෙනා එක කඳුළක 
නැතිවද සෙනෙහේ රැඳිලා
ආ ගිය වාරේ අපි මේ පාරේ
හදවත පාරයි මතකය ඔබගේ.......

ඔබගේ මතකේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.