ඔබ වෙනුවෙන්ම තමාoba wenuwenma thamaa

Oba Wenuwenma Thama

Music:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

මුව රැඳි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේ මා
පිවිතුරු ආදරේ ගලනා.....

මගේ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතූ තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා.....

මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිති කවා
සුරලියක සේ ඉන්න මට ළං වෙලා.....

මගේ හිත ළඟ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.