ඔබ උන්නාoba unnaa

Oba Unna

Music:
දර්ශන අශෝක කුමාරdharshana ashooka kumaara
Lyrics:
දර්ශන අශෝක කුමාරdharshana ashooka kumaara

Lyrics

අඳුරත් එළියත් යාවුන මොහොතක 
පාළුව අතරේ රන්වන් එළියක 
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා..

(සීතල පණ ඇති පිනි බිඳු බිස්සේ 
අහසේ ගෑවෙන තණබිම් මැද්දේ...//)
කල්ප කාල යුග ආත්ම ඇසුරේ
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා.. උන්නා.. උන්නා..

(හිරු එළියේ මල් සුවඳේ...//)
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා..

(ගොළු වී උන්නත් සිසිලක් නොමදී 
ඔබ ඇති උණුසුම් හුස්මක දැවටී...//) 
හඬ ඇසුනා.. 
හඬ ඇසුනා අඳුරේ ඔබ මා හඳුනා ගත්තා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.