ඔබ තුරුලට වීoba thurulata wii

Oba Thurulata Wee

Album
Adarayaka Mahimaya

Lyrics

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු
ඔබ පා නමදින්නම්
තනි වෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා
ගීයක් මුමුනන්නම්

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්....

දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමී 
සැනසීමක් අයැදින්නට හිතහිත මල් දෝතක් පුදමි
විශ්වාසයි මට විශ්වාසයි
කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැබෙනු ඇති

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මට මගේමමයි
හැමදාමත් එහෙමයි
ජේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.