ඔබ සඳකිoba sandaki

Oba Sandaki

Music:
යසස් මැදගෙදරyasas maedhagedhara
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

ඔබ සඳකි මට නම් - මඟ කියන තරුවක්  
මං අහස වෙන්නම්.......
ඔබට මා හා - ලංව ඉන්නට
මම ඔබගෙ වෙන්නම්

ඔබ මලක් වේ නම් - සුමුදු බව මට දෙන් 
මං සුළඟ වෙන්නම්.......
ඔබගේ සුවදම - තුරුළු කරගෙන 
නුඹ වෙලා ගන්නම් 

විටෙක පිබිදෙන - විටෙක පරවෙන 
මල් ලොවේ ඇතිමුත්......
අවැසි මොහොතට පීදෙන 
කැකුලු මල නුඹ වෙන් 
විටෙක නැග එන - විටෙක බැස යන 
සඳ වුවත් ඔබ නම්........
කිසිඳු දවසක අහස අතහැර 
නොයන සඳ ඔබ වෙන්  

පැමිනි බාදක - නැගුනු කඳුලක 
දුක ගැනම නොසිතන්.......
ඔබගෙ අත ගෙන මුදු පළඳනා 
හෙට දවස මගේ වෙන්.....

ඔබ සඳකි මට නම්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.