ඔබ රෑ සිරියෙන් මන්මත් වී මමoba rae siriyen manmath wii mama

Oba Ru Siriyen Manmath Wee Mama

Lyrics

ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවන කම්
මුලා වුනේ ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රෑ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක //
සටන් වැදිමි මම සටන් වැදිමි මම 
මනමේ කුමාරියේ

ඔබ රෑ සිරියෙන් ....

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමට රකිනා රිසියෙන් //
සටන් වැදිමි මම සටන් වැදිමි මම 
මනමේ කුමාරියේ

ඔබ රෑ සිරියෙන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.