ඔබ පානා ඔය බැල්මේoba paanaa oya baelmee

Oba Pana Oya Balme

Lyrics

චිත්‍රපටය : සත පනහ (1965)

ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ 
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....  
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ 
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....

සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොනවාදෝ   
සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොන දේ කිව මැන 
හද තුල පොපියන ආශා....

කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා     
කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා
පොඩි පොඩි සිතුවිලි සුලි සුලි සෑදේ 
 
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ 
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....

මහද කූඩුවේ හිමි පරවි ලඳුන සොබනා 
ඇයි තව පැකිලනු අවහිර නෑ නෑ 

ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ 
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....

සිසිල සුව බෙද බෙද හමනා සුලගේ පිපෙනා 
සිත මල ලෙලදෙයි සිලිසිලි ගාලා  

ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ 
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....  
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ 
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.