ඔබ නිසාමයිoba nisaamayi

Oba Nisamai

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ආදරෙන් ඉකිලන්න 
පපු ගැබේ තුරුළු වී 
මගෙ මේ නෙතු පියා සැලෙන්නේ 
හැඟුම් දිදී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
මීදුමේ දුර යන්න 
සීතලෙන් ගැහෙද්දී 
හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
අපි නිසාමයි.. අපි නිසාමයි     

මගේ සිත පුරාවේ වෙලී ඇති තුරාවේ 
හැඟුම් කල්පයක් පුරාවේ 
සොයා හැම වතාවේ 
මවා සඳ සිනාවේ 
කියාදෙන්නම් හැඟුම් රෝස පෙම් කතාවේ 

සරා සඳ සිනාසී රැයේ තනි වුනාවේ 
දැයේ උතුරන සුසුම් සැනසුම ගෙනාවේ 
සදා බව පුරාවේ මගේ පණ ඔයානේ 
තෙමී නෙක් මල් තුටින් සේද සිත සිනාසේ 

ආදරෙන් ඉකිලන්න 
පපු ගැබේ තුරුළු වී 
මගෙ මේ නෙතු පියා සැලෙන්නේ 
හැඟුම් දිදී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
මීදුමේ දුර යන්න 
සීතලෙන් ගැහෙද්දී 
හාදු මල් පිපෙන්නේ ආදරේ දැනෙද්දී 
ඔබ නිසාමයි.. ඔබ නිසාමයි
අපි නිසාමයි.. අපි නිසාමයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.