ඔබ නිසා - ඇලඩින් ටෙලිනාට්‍ය තේමා ගීතයoba nisaa - aeladin telinaatya theemaa giithaya

Oba Nisa - Aladdin Teledarama Theme Song

Lyrics

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා
මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා

සිත ලඟපාත මුව මදහාස 
හොර රහසේම කවියක් වෙලා 
මතු හැමදාම මගේ හැමදේම 
මට අද වාගේ නුඹමයි තමා 

ඔබ නිසා.. ඔබ නිසා..
මග නොහැරේවි සුසුමන් පවා 
දැනෙනවා.. දැනෙනවා..
මුළු ලෝකයම හිත ළඟ කියා 

ලං වෙන්න ලං වෙන්න ගිනි ගෙන තිබූ         
සිතුවිලි පවා නිවෙනවා 
සන්සුන්ව නවතින්න හදවත පුරා 
පැතුමක් බලා ඉන්නවා 
(මා දැවුනා සිත ආයේ නිවුනා...//)

සිත ලඟපාත මුව මදහාස.... 
ඔබ නිසා.. ඔබ නිසා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.