Lyrics
මම ඔබ නිසා.. ඔබ නිසා..
මම ඔබ නිසා.. ඔබ නිසා..
ඔබ මා නිසා හැමදා ලඟින් සිටියා
මම ඒ නිසා ඔබ හා හදින් බැඳුනා
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
යහමග කියාදී ජීවිතේම හැදුවා
ඔබ මා පතා රතු ලේ කිරට හරවා
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
සිප සනසලා දිවා රෑ දෙක නොබලා
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා
මම ඔබ නිසා මගෙ ලෝකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා..
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හදින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා..
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
ලඟ ඇති තුරා මගෙ දිවිය ඔබයි සැමදා
මම ඔබ නිසා මගෙ ලෝකේ....
සීත සුළඟක් වගේ ගත වෙලා
මා පතා රකින පවුරක් වෙලා
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
මේ දුර ගියේ ඔබ නිසා
මම ඔබ නිසා මගෙ ලෝකේ....