ඔබ නැති මේ රැයටoba naethi mee raeyata

Oba Nethi Me Reyata

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

ඔබ නැති මේ රැයට
පුරසද එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද
නළමුදු සුවඳ කුමටද..//

මහ කනදරා වැවට සඳ වැටිලා
දියේ ගිලේය විකල්වී
තුරු හිස හාදු දිදී උන් කුරුලුන්
කොහේ ගිහින්ද ඉගිල්ලී

ඔබ නැති මේ රැයට...

හමුවී ඇසට ඇසක් නැගූ පහන්
නිවී ගියාද නො කල්හී
සුන්දර රාත්‍රියම මා වෙත සිතින්
බලා හිදීවි නොසෙල් වී

ඔබ නැති මේ රැයට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.