ඔබ නැතිව ඔබ එක්ක නිදනoba naethiwa oba ekka nidhana

Oba Nathiwa Oba Ekka Nidana

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
මහේෂ් හේවාපතිරණmaheesh heewaapathirana

Lyrics

ඔබ නැතිව ඔබ එක්ක නිදන අවසන් රාත්‍රියේ
දෝත පුරා සෙනෙහස පුරවාගෙන
එනු මැන අවසානය එන්නට පෙර
මන්දහාස මුවගේ සුසුම් කඳුළු අතුරා

රහසක් කොඳුරා නුඹට කියන්නද
ඊයේත් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනේක 
මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද

පවනට මුමුණා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙඳිනක

ඔබ නැතිව ඔබ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.