ඔබ නැති රැයoba naethi raeya

Oba Nathi Raya

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

ඔබ නැති රැය දිගු වේ
හිමියනි - ඔබ නැති රැය නොගෙවේ
ඔබ නැති රැය දිගු වේ

සීතල පාළුව ළයට තුරුළු වේ
නිදි සුව දෑසට දුර වේ
ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩි වේ
සැක බිය මුසු සිත සෙලවේ

ඔබ පියවර හඬ සවනට දැවටේ
පියවී එන නෙතු කැළඹේ
ඔබ පෙර මග වෙත පා යුග එසවේ
අසරණ වන සිත මැළවේ

ඔබ නැති රැය දිගු වේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.