ඔබ නැති මගේ ලොවoba naethi magee lowa

Oba Nathi Mage Lowa

Lyrics

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා
නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ හඬවයි සිත මා
මගේ හීනයේ මගේ ජීවිතේ 
(ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....//)
ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා.....
 
(තුරුල් වෙවී ළඟින් හිටිය හැටි මට
හිනාවෙවී හොරෙන් බලපු හැටි තව
මතක් වෙවී හිතින් හඬන හැටි මං
දන්නේ නෑ ඔයා.....//)
මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....

(කොහේ ඉඳන් බලන් ඉන්නවද ඔබ 
මගේ හැඬුම් අහන් ඉන්නවද තව
මටත් හොරෙන් හිතින් හඬනවද
කියන්නකෝ ඔයා.....//)
මගේ හීනයේ මගේ ජීවිතේ ඔබ වෙයි මගේ මුළු ජීවිතේ....

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.