ඔබ නැති දුක තුරුළු කරන්oba naethi dhuka thurulu karan

Oba Nathi Duka Thurulu Karan

Lyrics

ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ හිත බොළඳ වෙලා //
කඳුළු තියා මට කොහෙද ඔයා අද
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක ....

නොපෙනෙන ලෙසට දුරට වෙලා
සිටියත් මගේ දෙසම බලා //
අහිමි වුණත් මට තවම ඔබෙයි මම
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.