Lyrics
ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //
මගේ සිත ගත් ළඳේ පුන් පෝදා හඳේ
රුව අරගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා //
කළුවර අහසේ ලස්සන සඳ සේ
යාවෙමු රහසේ නිරතුරු පැතු සේ
ඔබ නෑසු කතාවක් ....
දිගු දෙනුවන් සරා මුව හසරැල් පුරා
මට ආදරෙයිද ඔබ කියන්න කාටවත් හොරා //
ආයෙත් හමුවී දළු මල මම වී
රේණුව ඔබ වී ඉමු අපි සැඟවී
ඔබ නෑසු කතාවක් ...