ඔබ මැව්වෙ මටමයිලූoba maewwe matamayiluu

Oba Mawwe Matamai

Lyrics

ඔබ මැව්වෙ මටමයිලූ
මා මැව්වේ ඔබටමලූ
අපි දෙන්නට දෙන්නා මාවා තියෙන්නේ
අපිටම විතරයිලූ
ඔබගෙයි මගෙයි ආදරය මේ 
කොයිතරම් දුරද මංදා
මගෙ තැන අරන් ඔය ජීවිතේ 
වෙනකෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි 
ඒ ඇත්තේ චරිත දෙකයි 
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි.....//

ඇස් ඉදිරියෙ වෙච්ච පොරොන්දූ
කඩකරලා වෙලා මුරන්ඩූ
මා හයියෙන් ගෙරුවත් නන් වූ
අරගත්තේ නෑ මං වාඩූ
ඔබගෙයි මගෙයි ආදරයමේ 
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ 
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි 
ඒ ඇත්තේ චරිත දෙකයි 
ඒ ඔබයි මමයි විතරයි 
පිට කවුරුත් නෑ සත්තයි....//

හිත පතුලේ හීන කැලැත්තූ
හේතුව බොරු කේලම් කදුලූ
අපි ප් ‍රේමය නොකරන් පලුදූ
අපි හිමිවේ අපිටයි නන්දූ
ඔබගෙයි මගෙයි ආදරයමේ 
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ 
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි 
ඒ ඇත්තේ චරිත දෙකයි 
ඒ ඔබයි මමයි විතරයි 
පිට කවුරුත් නෑ සත්තයි....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.