ඔබ මලක් රෝස මලක් (වසන්තයට කලින්)oba malak roosa malak (wasanthayata kalin)

Oba Malak Rosa Malak (Wasanthayata Kalin)

Music:
රන්දික ප්‍රනාන්දුrandhika pranaandhu
Lyrics:
අජන්ත තන්තුලගේajantha thanthulagee

Lyrics

(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් 
පිපුණු පුංචි රෝස මලක්)...//

විස කටු ඇති අතු පතරේ 
විකසිත වුණු මල් කැකුලේ
පෙති විහිදා සිනාසෙන්න 
කල් තියෙනවා මේ උයනේ

ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් 
පිපුණු පුංචි රෝස මලක්

අකාලයේ පර වෙන්නට 
සිතන්නෙපා ඔය වයසට
රොන් මත බිඟු කැල නටාවි 
ඔබ ඔය හැසිරෙන විදිහට

(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් 
පිපුණු පුංචි රෝස මලක්)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.