ඔබ මගෙමයිoba magemayi

Oba Magemai

Lyrics

උණුසුම් වු මේ කුරිරු ලොවේ
 ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ....
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ....
දිවිය පුරා මා ඔබ රකිමි....
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා... අප සිටින තුරා...

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි //

අදුරු වූ මේ සැහැසු ලොවේ...
ඔබයි මමයි අලෝකය වේ...
ආදරයට ලෝකය හඩනා විට 
ඔබයි මමයි වෙනතක යාදෝ...
ගහ කොළ ඇළ දොළ අපේ තමයි 
පුංචි පැටවු රැළ අපේ තමයි 
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත් 
රැකෙන්නේ අප රැකුණොත් පමණයි 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.