ඔබ මගේ වෙනවනම්oba magee wenawanam

Oba Mage Wenawanam

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

හිතම හිරි වැටෙනා මතකයන් අතරේ
ඔබ ඉන්නවා අදටත් ජිවත් වෙලා
දෙතැන අපි රැදිලා උන්නාට මෙලොවේ
මට දැනෙනවා ඔබ ලග ඉන්නවා ලග ඉන්නවා...

ආදරේ මා සොයනා මොහොතේ
ඇයි මගෙන් ඈතට ඔබ යන්නේ
මතු භවයක අපි දෙන්නා
නැවතත් හමුවෙන්න කියා
මං පතනවා දිවිය පුරා...
ඔබ මගේ වෙනවනම් සත්තකින් ඒ තරම්
සැනසුමක් නෑ තවත් ඇත්තමයි රත්තරං...

මියයන්න ඔබගේ රුව පෙනෙන මානේ
මට වරම් නෑ ඔබ කොහේ සැඟවුනේ
අපේ පෙම් කතාවේ අවසානයයි මේ
ඔබේ වෙන්න මා කල පිං මදිවුනේ
පිං මදිවුනේ...

ආදරේ මා සොයනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.