ඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න)oba magee kiyaa (nil ahasee saerisaranna)

Oba Mage Kiya (Nila Ahase Sarisaranna)

Lyrics

නිල් අහසේ සැරිසරන්න 
සුදු සේල වලා අතරින්
පියඹා ඔබ හා යන්න
ඉඩදෙන්න මට පවසන්නට 
ඔබ මගේ කියා මුළු ලෝකෙට //

ඔබ හසරැලි මා නිති දැකගන්නට 
ඔබ නෙත් තුල මා දැවටෙන්නද
ඔය තොල් පෙති හා පෙම් කරලන්නට
සැමදා ඔබ හද තුල නවතින්නද

ඉඩදෙන්න මට පවසන්නට 
ඔබ මගේ කියා මුළු ලෝකෙට //

සඳ සේ බබලන ඔබෙ හසකැන් තුල
ලා හිරු සේ දිදුලන ඔබගේ රුව තුල
ඔබෙ උණුසුම මා දිවියෙම විඳිනට
සැමදා ඔබ හා නවතින්නද

නිල් අහසේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.