Lyrics
ඔබ මා සනසාලා පිනවාලා පෙර කී කතා
සිහි වේ සැමදාම සැමවේලේ දුක කී ඉතා
සුවිනීත සියුමැල්ල ඔබ මාගෙ සැනසිල්ල
බිඳ දාලා සැඟවී ලා කොහෙදෝ ගියා
සුකුමාල හසරැල්ල සැලසූ එ සිහිලැල්ල
දුර ඈත ඉඳ ඒවි තව මා සොයා
කොවුලා සේ නද දෙන්න රස ගීත පවසන්න
මුලදී ම දැනගත්තෙ ඔබගෙන්ය මා
අද දෑස තෙත වීලා හද මාගෙ ගොලු වීලා
එළි වෙන්නෙ රෑ වෙන්නෙ කඳුලින් තමා