Lyrics
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඩා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි