ඔබ මා හමු උන මේ ඉර හඳoba maa hamu una mee ira handa

Oba Ma Hamu Una Me Ira Handa

Lyrics

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට 
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි 
මගේ ළඟ තනියට ඉනු මැනවි 
	
ඔබ සිත මා සිත හමු වූ දා සිට 
මා ලය පීදී පර වුනු පෙම් මල 
සිතින් තුරුළු කර මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවි 

ඔබ මා හමු උන ..../

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි 
මිරිගු සයුර වෙත පියමන් කල සැටි 
සිතින් දරාගෙන මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවි 
මගේ ළඟ තනියට ඉනු මැනවි 

ඔබ මා හමු උන../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.