ඔබ ලඟින් ඉන්න බැහැනේoba langin inna baehaenee

Oba Lagin Inna Bane

Lyrics

ඔබ ලඟින් ඉන්න බැහැනේ
ඇය ඔබ ලඟම නිසා..
ඔබ දුරින් ඉන්න හැම මොහොතක
දුක උරුම වෙලා..
මගෙ ආදරේ ඔයානේ - එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා...

ඔබ නොදැක ඉන්න බැහැනේ..
තනිකමෙන් මා වෙලෙන්නේ..
ඔබ නොදැක ඉන්න හැම මොහොතක 
කදුළු පිරෙනවා...//
සිත ඔබට දීලා මාගේ - තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා...

ඔබ ලඟින් ඉන්න බැහැනේ...

මට කවුරුවත්ම නැහැනේ..
ඔබ විතරමයිනෙ ඉන්නේ..
ඔබ නොලැබෙන බව දැනගෙන 
ආදරේ කරනවා...//
මගෙ ලොවම මාගේ ඔබනේ 
මම නෙමෙයි ඔබගෙ ලෝකෙ
මගෙ හුස්ම යනතුරා ඔබ හට ආදරේනෙ මා..

ඔබ ලඟින් ඉන්න බැහැනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.