Lyrics
ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට
අහන්න මා මතකදැයි කියා //
වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට
කියන්න මා ආදරෙයි කියා //
සොඳුරි ඈ මගෙ පෙර දවසේ
කොතරම් පෙම් කෙරුවද කියා
දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ
නොදනිමි ඈ හට ඇයිද කියා
ඔබ ලගින්ම ....
ඉවත බලා නොහදුන විලසින්
ඈතින් නුඹ යයි මා හමුවේ
සෙනෙහස වින්දා දෙන්නා ඈහට ලංවී
විරසකවී පල නෑ මිතුරේ
ඔබ ලගින්ම ....